මෘදුකාංග හෝ ලේඛණ බා ගැනීම සම්බන්ධයෙන් පොදු සටහන් කීපයක්:

අප වෙබ් අඩවියෙන් බා ගන්නා මෘදුකාංග සහ ලේඛණ ඉදිරිපත් කෙරෙන්නේ සංකෝචනය කල ගොණු ලෙසය. ඒ ගොණු, ".zip"සහ ".rar" ගොණු වර්‍ගවලට අයත් ය. එවා බා ගැනීමෙන් පසුව, ගොණු ලිහා, ඒ තුල අඩංගු දේ වෙන් කර ගැනීමට සිදුවේ. මෙසේ සංකෝචණය කල ගොණු ලිහා ගැනීමට යොදා ගත හැකි විශේෂ මෘදුකාංග කිහිපයක් තිබේ. එවා බා ගත හැකි තැන් පහත දැක් වේ. එවා ලිහා ගැනීමේදී, පොදියේ අඩංගු මෘදුකාංග සහ ලේඛණ ඔබේ පරිගණකයේ ඔබ කැමති ස්ථානයකට යොමු කරවිය හැකිය.

ලිහා ගත් ගොණු තුල, මෙබඳු ලේඛණ අඩංගු විය හැකියි:
-පරිගණක මෘදුකාංග (".exe" කාණ් ඩයේ): උදාහරණ: සවනතුර: "Savanathura.rar",
-Androidමෘදුකාංග(".apk"කාණ්ඩයේ): සවනකුර: "SavanakuraV4DEMO.rar
- ලේඛණ (.txt කාණ්ඩයේ): උදාහරණ: ReadMeFirst.txt
-ලේඛණ(.pdf කාණ්ඩයේ): උදාහරණ: සවනකුරසිංහලඅත්පොත.pdf

මෘදුකාංග (".exe" කාණ් ඩයේ) ස්ථාපිත කිරීමට, ඒවා ක්‍රියාත්මක කල යුතු වේ. එසේ කිරීමට, මූසියෙන් දෙවරක් තට්ටු කල යුතුය. ඊට පසු වින්ඩෝස් හැසුරුම් පද්ධතියෙන් ලැබෙන උපදෙස් අනුව ක්‍රියා කල යුතු වේ. ලේඛණ (.pdf කාණ්ඩයේ), කියවීමට, "Adobe Acrobat" මෘදුකාංගය අවශ්‍ය ය. එය මෙතනින් නොමිලේ බා ගෙන ස්ථාපිත කර ගත හැකියි.

බා ගත් ගොණු ලිහා ගැනීමේ මේ මෘදුකාංග උදාහරණ නම් : "Winzip" සහ "Winrar". ය. ඔබට මේවා නොමිලේ බා ගත හැකි වෙබ් අඩවි නම්:
Winzip මෙතනින්...
Winrar මෙතනින්...

Winzip/Winrar වෙබ් අඩවි වලින් ලැබෙන උපදෙස් අනුව ඒවා ඔබේ පරිගණකයේ ස්ථාපිත කර ගත හැක. එසේ ස්ථාපිත කර ගැනීමෙන් පසුව, අපේ අඩවියෙන් බා ගන්නා ගොණු මෙන් ම, අනාගතයේදී වෙනත් අඩවිවලින් බා ගන්නා ගොණු ද ලිහා ගත හැක.