ෆොනොටෙක්ස්ට්© මෘදුකාංග භාවිතය පිළිබඳ කොන්දේසි


● මේ මෘදුකාංග මා ලබා ගන්නේ මගේ පුද්ගලික ගෘහස්ථ පාවිච්චිය සඳහා පමණක් බව මම දනිමි.

● ඒවා කිසිදු වාණිජ කටයුත්තක් සඳහා පාවිච්චි නොකරමි.

● ඒවා සැපයෙන්නේ එහි යථා තත්වයෙන් බව මම දනිමි.

● මේ මෘදුකාංග පාවිච්චි කිරීමෙන් ඇතිවිය හැකි දත්ත අපතේ යෑමක්, නැතිවී, මැකී යෑමක්, හෝ වැඩ කටයුතු අඩාල වීමක් හෝ එමගින් හෝ අනියම් හෝ නියම් විධියකින් ඇතිවිය හැකි වෙනත් මෘදුකාංග වෙත කෙරෙන් බලපෑමක් හෝ සම්බන්ධයෙන් මේ මෘදුකාංගය ප්‍රකාශකයා කිසිදු වගකීමක් නොගන්නා බව මම දනිමි.

● මේ මෘදුකාංග පාවිච්චිය නිසා හෝ නැතිව හෝ කිසියම් සිත් තැවුලක් හෝ ව්‍යාපාදයක් ඇතිවේය යන්න ප්‍රකාශකයා විසින් පිළිනොගන්නා බව ද මම දනිමි.

● මේ මෘදුකාංග පාවිච්චි කිරීමේදී මා සොය ගන්නා කිසි දෝෂයක් වෙතොත්, අන් අයගේ ප්‍රයෝජනය තකා ද, මම ඒවා හැකි ඉක්මණින් ෆෝනෝටෙක්ස්ට් ආයතනයට විද්‍යුත් පුවත් මගින් දැනුම් දීමට සෑම උත්සාහයක් ම ගන්නෙමි.

ෆෝනෝටෙක්ස්ට් ආයතනය විසින් මෘදුකාංගයේ එවැනි අඩුපාඩුවක් පිළිසකර කළහොත් ඒ බව එම ආයතනයේ පළකරණ බව දන්නෙමි.

● එම ආයතනයේ පුවත් ලිපිය සඳහා දායක වී ඇත්නම්, මේ විස්තර මා වෙත එවන බව ද දන්නෙමි.

ෆෝනෝටෙක්ස්ට් ආයතනය විසින් මගේ අදහස් ඉතා අගය කරන බව දන්නෙමි.