ෆෝනෝටෙක්ස්ට්® ආයතනය ගැන...

ෆොනොටෙක්ස්ට්© යනු මෘදුකාංග වල සිංහල භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින ආයතනයකි. එය නෙදර්ලන්තයේ ලියා පදිංචි සමාගමකි.

විශේෂයෙන් වෙබ් තාක්‍ෂණික විශේෂඥයන් කිහිප දෙනෙකුගේ දැනුම මේ දිනවල සිංහල භාෂාව ප්‍රචලිත කිරීමේ ප්‍රයත්නයකට ලබා දී තිබේ. ඒ නිසා දැනට අපට වෙබ් අඩවියේ සඳහන් මෘදුකාංග යුවල, එනම් සවනකුර™ සහ යුනිකුර™, ඔබ වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුණි.

මේ මෘදුකාංග යුවලට අමතරව, නිෂ්පාදනයේ පවතින මෘදුකාංග ද කිහිපයකි. ඒවා අප නුදුරු අනාගතයේ දී එලි දක්වන්නට බලාපොරොත්තු වෙමු. ඒ ගැන ඔබට කල්තියා දැන ගැනීමට අපගේ නොමිලේ බෙදා හරින විද්‍යුත් ප්‍රකාශණ සේවය වෙත සම්බන්ධවන සේ අපි ඔබට ආරාධනය කරමු. ඒ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු මෙතනින් ඔබට එවිය හැකියි.

මෙම වෙබ් අඩවියේ සියලුම පිටු සංස්කරණය කර ඇත්තේ අපේ ම නිර්‍මාණයක් වූ "යුනිකුර" මෘදුකාංගය ඇසුරෙනි.

අප සපයන සේවාවල් අතර, වෙබ් අඩවි නිරිමාණ, සම්පරීක්‍ෂණ අදිය ද, ඇන්ඩ්‍රොයිඩ්™ ජංගම දුර කථන සහ ඵලක අරභයා මෘදුකාංග නිපදවීම ද, වින්ඩෝස්™ පරිගණක අරභයා මෘදුකාංග නිපදවීම ද වේ.

අපේ වෙබ් අඩවිය ගැන විස්තර මෙතනින් බලන්න.





ස්තූතිය:
වෙබ් අඩවි පිරිමැවුම: සවනි සිල්වා
කාර්මික සහාය: මාටින් බර්කර්ස්, හරින් සිල්වා
සම්පරීක්‍ෂණ: බ්‍රිගේඩියර් තිස්ස තිලකරත්න
පරිවර්තන: බ්‍රිගේඩියර් තිස්ස තිලකරත්න, ලුවී ජයවර්‍ධන