සවනකුර (අත්හදා බැලීමේ) මෘදුකාංග බා ගැනීම සහ ස්ථාපිත කිරීම


සවනකුරDEMO (අත්හදා බැලීමේ) මෘදුකාංග අපේ වෙබ් අඩවියෙන් බා ගැනීම

මෙම මෘදුකාංගවල පිටපත් අපේ වෙබ් අඩවියෙන් බා ගෙන, මිලයට ගැනීමට පෙර අත්හදා බැලිය හැකිය. ඒවා නොමිලේ බා ගත හැකිය.

සාමාන්‍යයෙන් ඔබ ක්‍රියාකාරී සවනකුර මෘදුකාංගය "ගූග්ල් ප්ලේ™"(Google Play™) වෙබ් අඩවියෙන් බා ගන්නා නමුත්, සවනකුරV4DEMO (අත්හදා බැලීමේ) මෘදුකාංග අපේ වෙබ් අඩවියෙන් ප්‍රථමයෙන් බා ගෙන අත්හදා බැලීමේ අවස්ථාව ඔබට ඇත. එමගින් ඔබේ ජංගම උපකරණයේ ස්ථාපිත හැසිරවුම් පද්ධතියට අදාල සවනකුර ක්‍රියාකාරී මෘදුකාංගය ඔබට ලබා ගැනීමට අවස්ථාව ලැබේ.


● ඒවා අපේ වෙබ් අඩවියෙන් බා ගන්නා අයුරුත්, ස්ථාපිත කර ගන්නා අයුරුත් මේ සටහනින් විස්තර කරමු.

සවනකුර (අත්හදා බැලීමේ) මෘදුකාංගය අපේ වෙබ් අඩවියෙන් බා ගැනීම
සවනකුර (අත්හදා බැලීමේ) මෘදුකාංගයේ නොයෙක් සංස්කරණයන් අපේ වෙබ් අඩවියෙන් පහත දැක්වෙන සම්බන්ධතා හරහා ලබාගැනීමට පුලුවනි:

● අවශ්‍ය අවම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය වූ "Android version 2.2 (Froyo)" හැසුරුම් පද්ධතිය සඳහා වූ
මෘදුකාංගය මෙතනින් බාගත හැකියි.

● ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය වූ "Android version 4.0.3 (Ice Cream Sandwich)" සහ ඉන් ඉහල හැසුරුම් පද්ධති සඳහා වූ
මෘදුකාංගය මෙතනින් බාගත හැකියි.

ඔබ කිනම් අත්හදා බැලීමේ මෘදුකාංගය තෝරා ගත්තත්, එයට ලැබෙන ප්‍රතිචාරය ජංගම උපකරණය අනුව වෙනස් වේ. උදාහරණයක් වශයෙන් සමහර උපකරණ, කෙලින්ම බා ගැනීමට යොමුවෙන අතර, තවත් වර්‍ගයක්, බා ගැනීම ඇරඹෙන විට පැනලයක් විවෘත කර දෙයි. ඔබ බා ගැනීමට සූදානම්වන ගොනුව එහි දැක් වෙයි. ඒ ගොනුව ඔබට ඔබේ උපකරණයේ ඔබ කැමති ස්ථානයක තැන්පත් කිරීමේ අවස්ථාව ඔබට ලබා දෙයි.

එය ඔබේ උපකරණයේ සුදුසු, තෝරාගත් තැනක තැන්පත් කර ගන්න. මොන ක්‍රමයේ ආධාරයෙන් බා ගත්තද, එය තැන්පත් කරණු ඇත්තේ "Downloads" නම් වූ ගොණුවක ය. ඔබේ උපකරණයේ ස්ථාපිත කර ඇති 'ලිපි කළමනාකරු' ("File Manager") නම් වූ හෝ ඒ සමාන අර්‍ථයක් ඇති මෘදුකාංගයේ ආධාරයෙන් ඔබ බා ගත් "සවනකුර අත්හදාබැලීමේ" මෘදුකාංගය සොයා යන්න.

● අපේ අඩවියෙන් බා ගත් සවනකුර (අත්හදා බැලීමේ) මෘදුකාංගය ස්ථාපිත කිරීම
● දෘඩාංග අවශ්‍යතා:
සවනකුර ක්‍රියාත්මක වන්නේ ඇන්ඩ්‍රොයිඩ්™ හැසිරවුම් පද්ධතිය ස්ථාපිත වූ ජංගම උපකරණ මත ය, විශේෂයෙන්ම නවතම versions මත ය.

මේ හැසිරවුම් පද්ධති විස්තර පහත දැක්වෙයි.

සවනකුර සඳහා අවම තරමින් පහත දැක්වෙන දෘඩාංග අවශ්‍යයි:
▪ අවම වශයෙන් අභ්‍යන්තර 5MB මතක අවකාශයක්
▪ අවම වශයෙන් බාහිර, 10MB චුම්භක මතක අවකාශයක් (මේ ප්‍රමාණය, ඔබ ඔබ විසින් මතු ප්‍රයෝජනය සඳහා ජංගම උපකරණයේ ගොඩ ගසා ගන්නා විද්‍යුත් හසුන් සහ කෙටි හසුන් ප්‍රමාණය මත යැපෙයි)
▪ පික්සල් 800x480 සහිත ස්පර්‍ෂ ග්‍රාහක දර්ශකයක් නම් අගෙයි.

● හැසිරවුම් පද්ධති අවශ්‍යතා:
සවනකුර ක්‍රියාත්මක වන්නේ ඇන්ඩ්‍රොයිඩ්™(Android™) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත වූ ජංගම උපකරණ මත ය, විශේෂයෙන්ම:
▪ අවම වශයෙන් "Android™ Version 2.2 (Froyo)" අවශ්‍යයි
▪ එහි වඩා නවතම ප්‍රකාශණ සිංහල අකුරු නිර්‍මාණය කර තිරයෙහි දැක්වීම වඩා තාත්විකව කරති.

● බා ගත් සවනකුර (අත්හදා බැලීමේ) මෘදුකාංගය ඔබේ ඇන්ඩ්‍රොයිඩ්™(Android™) උපකරණයේ ස්ථාපිත කිරීම:
● ඔබේ උපකරණයට බා ගත් ස්ථාපිත මෘදුකාංගය මත තට්ටු කිරීමෙන්, ඒ මෘදුකාංගය ස්ථාපිත කිරීම ක්‍රි‍යාත්මක වෙයි.

● ඊට පසු ඔබට ලැබෙන උපදෙස් අනුව ක්‍රියා කරමින් ඉදිරියට යන්න.

****** මේ ක්‍රමයට බාහිරින් මෘදුකාංග ස්ථාපිත කිරීමට තැත් කරනා අවස්ථාවලදී උපකරණය ඔබට අනතුරු ඇඟවීමක් කිරීමට පුලුවනි. එවැනි අවස්ථාවක් එලඹුනහොත්, මෘදුකාංගය භාරගෙන එය ස්ථාපිත කරමින් ඉදිරියට යන සේ අණ දෙන්න.

● ස්ථාපිත කිරීම අවසන් වූ අවස්ථාවේ සිට එය ඔබට අත්හදා බැලීමට පුලුවන. මේ ස්ථාපිත කල මෘදුකාංගය අත්හදා බැලීමට පමණක් නිසා, එහි සෑම අංගයක්ම ක්‍රියා කරවිය හැකි නමුත්, විද්‍යුත් හසුන් සහ කෙටි හසුන් අන්තර් ජාලය හරහා යැවීම පමණක් කල නොහැකිය.

මීට පසුව, ඔබේ ඇන්ඩ්‍රොයිඩ්™(Android™) උපකරණයේ මෘදුකාංග ලැයිස්තුව සෝදිසි කිරීමේදී, සවනකුර (අත්හදා බැලීම්) මෘදුකාංගයේ ලාංචණය එහි දැක ගත හැකිය.

Phonotext®© 2013