පූර්‍ණ ක්‍රියාකාරී සවනකුර මෘදුකාංග ඔබට අපේ වෙබ් අඩවියෙන් ලබා ගැනීම.

* මෙම මෘදුකාංගයේ අත්හදා බැලීමේ පිටපත් "ගූග්ල් ප්ලේ හලෙන්" (Google Play Store) නොමිලේ බා ගත හැකියි. මෘදුකාංගය මිලට ගැනීමට පෙර එය අත්හඩා බැලීමේ අවස්ථාවන් ඔබට එයින් ලැබෙයි.


මේ සටහන පූර්‍ණ ක්‍රියාකාරී සවනකුර මෘදුකාංග ඔබට අපේ වෙබ් අඩවියෙන් ලබා ගැනීම ගැන විස්තරයක් ලබා දෙයි.
● ඔබ කල යුතු දේ
"ගූග්ල් ප්ලේ හලෙන්" (Google Play Store) මෘදුකාංගය ලබා ගැනීමට Credit Card පතක් අවශ්‍යය. ඒ පහසුකම් නොමැති අපේ අනුග්‍රාහකයන් වෙනුවෙන් අපි විශේෂ පහසුකමක් මෙමගින් සලසා ඇත.

එවැනි ශ්‍රී ලාංකික අනුග්‍රාහකයන් හට සම්පත් බැංකුවේ සේවාවන් මගින් ඔබ බලාපොරොත්තුවන සවනකුර මෘදුකාංගය සඳහා අවශ්‍ය මුදල රුපියල් වලින් ගෙවීම් කිරීමේ හැකියාව තිබේ.

එය සරල පියවර කීපයකින් ඉටු කර ගත හැකියි:
සවනකුර අපේ වෙබ් අඩවියෙන් බා ගැනීම
සවනකුර ස්ථාපිත කිරීම
සවනකුර ලියා පදිංචි කිරීම


මේ පියවර කීපය පහත විස්තර කරමු.

සවනකුර අපේ වෙබ් අඩවියෙන් බා ගැනීම
සවනකුර මෘදුකාංගය අපේ වෙබ් අඩවියෙන් ඔබේ ජංගම උපකරණයට කෙලින් ම බා ගත හැකියි. ඒ සඳහා ඔබේ ජංගම උපකරණයට අදාල මෘදුකාංගය සඳහා පහත දැක්වෙන සම්බන්ධීකරණයන්ගෙන් අදාල සම්බන්ධීකරණය තෝරා ගන්න:
● ඇන්ඩ්‍රොයිඩ් ප්‍රකාශකංක 2.2 (ෆ්‍රෝයෝ) (Android version 2.2 (Froyo) සඳහා SavanakuraV2 ප්‍රකාශකංකය: මෙතනින්...

● ඇන්ඩ්‍රොයිඩ් ප්‍රකාශකංක 4.0.3 (අයිස්ක්‍රීම් සෑන්ඩ්විච්) සහ ඉහලට(Android version 4.0.3 (Ice Cream Sandwich)and higher සඳහා SavanakuraV4 ප්‍රකාශකංකය: මෙතනින්...

මේ සම්බන්ධීකරණයක් තෝරා ගත්විට, ලැබෙන ප්‍රතිචාරය උපකරණයෙන් උපකරණයට වෙන්ස් විය හැකියි. සමහර අවස්ථාවලදී මෘදුකාංගය කෙලින්ම, නිහඬව ඔබේ උපකරණයට බා ගැනේ. තවත් සමහර අවස්ථාවලදී, ඔබට ඉදිරිපත් කෙරෙන පැනලයක් මගින්, බා ගන්නා මෘදුකාංගය ඔබේ උපකරණයේ කිනම් ස්ථානයක තැන්පත් කල යුතුදැයි දන්වන ලෙස ඔබට ආරාධනය කෙරේ. එවිට, ඔබ කැමති ගබඩා උපාංගයක එය තැන්පත් කර ගන්න.

ඔබට කිනම් ප්‍රතිචාරයක් ලැබුණ ද, අවසානයේදී බා ගත් මෘදුකාංගය "Downloads" නම් ගොනුවක එය තැන්පත් කෙරෙනු ඇත. - ඔබේ ජංගම උපකරණයේ තැන්පත් වී ඇති ලිපි ගොනු සොයා ගැනීමට ආධාරවන, "File Manager" හෝ ඊට සමාන අරුත් ඇති මෘදුකාංගයක් තිබේ. එය පණ ගන්වා, "Downloads" ගොනුව වෙත යන්න.

● ජංගම උපකරණයේ දෘඪාංග සහ මෘදුකාංග අවශ්‍යතා
● ● ජංගම උපකරණයේ දෘඪාංග අවශ්‍යතා
සවනකුර ධාවනය කල හැක්කේ ඇන්ඩ්‍රොයිඩ් හැසිරවුම් පද්ධති ස්ථාපිත ජංගම උපකරණ තුල ය. විශේෂයෙන්ම යාවත්කාලීන ප්‍රකාශකංකයන් සමගය.

සවනකුර සාර්‍ථකව ධාවනය කිරීමට පහත සඳහන් දෘඪාංග අවශ්‍ය ය:
▪ අවම වශයෙන් මෙගාබයිට් 5ක (5MB) අභ්‍යන්තර මතකයක්
▪ අවම වශයෙන් මෙගාබයිට් 10ක (10MB) බාහිර උපාංගයක ඉඩකඩ. මේ අවශ්‍යතාවය රඳා පවත්නේ ඔබේ පැරණි හසුන් කොපමණ කලක් උපකරණයේ රඳවා ගැනීමට බලාපොරොත්තුවන්නේ ද යන වග මතයි.
▪ ස්පර්ශ සංවේදී තිරයක්. පික්සල් 800x480 නම් වඩා අගෙයි.

● ජංගම උපකරණයේ මෘදුකාංග අවශ්‍යතා
සවනකුර නිර්‍මාණය කර ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් හැසිරවුම් පද්ධති සඳහාය. විශේෂයෙන්ම:
▪ ඇන්ඩ්‍රොයිඩ් ප්‍රකාශකංක 2.2(ෆ්‍රෝයෝ) සහ ඉහලට
▪ වඩා ඉහල ප්‍රකාශකංක සිංහල අකුරු වඩාත් පැහැදිලිව දිස් වේ.

● බා ගත් මෘදුකාංගය ස්ථාපිත කිරීම
- ඔබ අප වෙබ් අඩවියෙන් බා ගත් සවනකුර මෘදුකාංගය ස්ථාපිත කිරීම සඳහා ස්පර්ශ කරන්න.
- ඊට පසු ඇන්ඩ්‍රොයිඩ් දෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න.
(සාමාන්‍යයෙන්, ගූග්ල් අඩවියෙන් බා ගන්න විට මෘදුකාංග ඉබේම ස්ථාපිත වෙයි.)
****** මෙසේ ගූග්ල් අඩවියට බාහිරින් බා ගත් මෘදුකාංග ස්ථාපිත කරනා අවස්ථාවලදී ඔබට අනතුරු ඇඟවීම් ඇතිකල හැකියි. නමුත්, ඒවා මඟහැර ස්ථාපිත කිරීම අවසන් වන තෙක් ඉදිරියටම යන්න.
- ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ලියා පදිංචිය අවසානයේදී, මෘදුකාංගය පාවිච්චිය සඳහා සූදානම් ය.

සවනකුර ලියා පදිංචි කිරීම
ඔබ සවනකුර ගූග්ල් අඩවියෙන් බා ගන්නේ නම් ලියා පදිංචිය ඉබේම සිදුවෙයි. නමුත් සවනකුර අපේ අඩවියෙන් බා ගත් කල ලියා පදිංචි කිරීම එසේ නොවෙයි. ඒ විස්තර පහතින් දක්වමු.

1. ඔබ සවනකුර පළමු වරට ක්‍රියාත්මක කලවිට, ඔබේ පිටපත අප අඩවියේ ලියා පදිංචි කරණ සේ ආරාධනා කඑරේ.
You need to supply a "Payment Reference" number which you obtain from the Sampath Bank when you make your payment.
ඒ සඳහා ඔබට සම්පත් බැංකුවට මුදල් ගෙවනවිට ලබා ගන්නා ගෙවීම් අංකය අවශය ය.
ඔබ ෆෝර්මය පිරවීමේදී ඔබේ ජාතික හැඳුනුම් පත් අංකය මේ සඳහා භාවිත කල හැකිය.
ඔබට, ඔබේ උපකරණයේ ඉදිරිපත් කර ඇති ෆෝර්මයේ එය නිවැරදිව ඇතුලත් කර, ලියා පදිංචි අංකය ඉල්වීමේ හසුන අප වෙත එවන්න.

2. ඔබේ ඉල්වීම අප වෙත ලැබුණු විගස, අප එය බැංකු ගිණුමේ ඇති විස්තර සමග සසඳා, එය ගැලපේ නම්, අප ඔබ වෙත විද්‍යුත් ලිපියකින් ලියා පදිංචි අංකයක් එවන්නෙමු.

3. ලියා පදිංචි අංකය ලැබුණු වහාම ඔබට සවනකුර නැවත වරක් ක්‍රියාත්මක කිරීමට සිදුවෙයි.
එවිට ඔබට ලියා පදිංචි අංකය ඇතුල් කිරීමේ ෆෝර්මයක් ඔබ වෙත ඉදිරිපත් කෙරේ.
ඔබ ඔබේ විද්‍යුත් පණිවුඩ කියවන්නේ ජංගම උපකරණයේම නම්, ඇන්ඩ්‍රොයිඩ් සපයන "පිටපත්" කිරීමේ සේවාවන් මගින් ඔබට එය ඉතා පහසුවෙන් කල හැක.
අනාගතයේදී කිසියම් අවස්ථාවකදී අවශ්‍යවුවහොත් පාවිච්චි කිරීම සඳහා මේ ලියා පදිංචි අංකය සුරැකිව ලියා තබන්න.

4. අංකය නිවැරදිව පිටපත්කර ඇතුල් කිරීමෙන් ලියා පදිංචි ක්‍රියාවලිය අවසන් වෙයි. ඊට පසු සවනකුර ඔබට සිතූ සේ පාවිච්චි කල හැකිය.