මෙම මෘදුකාංගවල ඇති විශේෂතා

අප මේ උත්සාහයේදී පරිගණක ආදී උසස් තාක්‍ෂණික භාණ්ඩ පිළිබඳ වදන් හැකි පමණ අප ව්‍යවහාරයේ ම පවතින භාෂාවෙන් උකහා ගන්නට වෑයම් කළෙමු. ඒ වදන් පෙල හා ඒවායේ ඉංග්‍රිසි යෙදුම් ද මේ වෙබ් අඩවියට මෙතන ඇතුලත් කිරීමට පියවර ගත්තෙමු.

මෙම පැකේජය හරහා මානව වර්‍ගයාගේ කථාවේ ශබ්දයට නිශ්චිතව අනුරූපීවන ඉංග්‍රිසි අකුරු අනුපිළිවෙලෙහි ශබ්ද විද්‍යාත්මක යතුරු සංකේත (key codes) හරහා සරලවූත් ප්‍රතිභාපූර්‍ණවූත් යෙදවුම් ලබා දී ඇත.

මෙම මෘදුකාංග තුලින් සිංහල භාෂාවේ මුලු අක්‍ෂර පද්ධතියම, එනම් අල්පප්‍රාණ, මහාප්‍රාණ ඇතුළු නාසික්‍ය අක්‍ෂර, සඤ්ඤක අක්‍ෂර, යන්සය යෙදෙන අක්‍ෂර, බැඳි අක්‍ෂර, රේපය සහිත අක්‍ෂර, රකාරංශය යෙදෙන අක්‍ෂර සියල්ලම යථා පරිදි යොදා ඔබේ කෘති නිර්‍මාණය කල හැක.

උදාහරණ කිහිපයක් දැක්වුවහොත් මෙහි පහත දක්වා ඇති අක්‍ෂර සියල්ලම වරහන් තුල ඇති ඉංග්‍රිසි අක්‍ෂර යතුරු ලියනය කිරීමෙන් ලබා ගත හැක.

යතුරු ලියනය කිරීමෙන් ලබා ගත හැකිය.

මෙම මෘදුකාංග යතුරු ලියනයේදී, සිංහල අක්‍ෂර සමූහය සම්පූර්‍ණයෙන් ම භාවිත කරති. ශබ්ද විද්‍යාසංකේත යොදා ගැනීම මගින් පරිශීලකයන්හට මඟ පෙන්වීම පිණිස සියළුම මෘදුකාංඟ තුලට ම තැනුණු ඉමහත් පහසුකම් ලබා දී ඇත.

සම්පූර්ණ සිංහල හෝඩියේ ඉංග්‍රිසි ශබ්ද විද්‍යාසංකේත සවනකුර මෘදුකාංගයේ මෙනු තීරුවේ ඇති අත්වැල් තුලින් ලබාගත හැක.

ඩෙස්ක්ටොප් ඉලක්ක කරගත් මෘදුකාංග සම්බන්ධයෙන් වනවිට ඩෙස්ක්ටොප්වලට සම්බන්ධ කර ඇති මෙන්ම, ලැප්ටොප් පරිගණකවල ස්ථාපිත කර ඇති සම්මත PS2 PC යතුරු පුවරුද, ජංගම සන්නිවේදන ඉලක්ක කරගත් මෘදුකාංග සම්බන්ධයෙන් වනවිට එම උපකරණ වල තිර මත දර්ශණය කරන PS2 යතුරු පුවරුවලට අනුරූප 'මෘදු' යතුරු පුවරු මගින් ද (ශබ්ද විද්‍යා යතුරු සංකේත ආදාන කිරීම) = යතුරු ලිවීම මෙම නිෂ්පාදනවලින් කළ හැක.



Phonotext®© 2013