ෆොනොටෙක්ස්ට් උදව් සේවාව

අපගේ බාගත සේවාව
ෆොනොටෙක්ස්ට් විසින් සකස්කරන ලද මෘදුකාංග උනන්දුවක් දක්වන පරිශීලකයන්ට නොමිලේ බාගත කළ හැක. එයින් ඇතැම් ඒවා අත්හදා බැලීම් පදනමක් මත ලබාදෙනු ලබන අතර, ඉන් අනතුරුව, ඒවා දිගින් දිගටම භාවිතාකිරීම පිණිස බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය වේ.

සෙසු මෘදුකාංග, ප්‍රදර්ශන මෘදුකාංග වශයෙන් අවිනිශ්ච්ත කාලයක්, භාවිතා කිරීම පිණිස, සීමිත පහසුකමක පදනම මත ලබාදෙනු ලැබේ. එසේ වුවත්, විද්‍යුත් හා වෙනත් මාධ්‍ය හරහා දත්ත සුරැකීම හෝ සම්ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් අදාල වන සීමා කිරීම් වලට යටත්ව, මෙම මෘදුකාංග මගින් ලබාදෙනු ලබන පූර්‍ණ හැකියාවන්ද, අත්දැකීම ලබාගැනීම සඳහා අවස්ථාවද, අපේක්‍ෂිත පරිශීලකයන්ට ලබාදෙනු ලැබේ.

අපගේ පුවත් ලිපියට දායක වීම.
ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක හෝ ඊට සමාන අනිකුත් නිෂ්පාදන සඳහා සකස්කරන ලද යුනිකුර™ සිංහල මෘදුකාංගය වැනි නිර්‍මාණ සඳහා හෝ ජංගම බහුකාර්‍ය දුරකථන සහ ඵලක පරිගණක සඳහා නිෂ්පාදිත සවනකුර™ වැනි මෘදුකාංග ඔබ මිලට ගන්නා අවස්ථාවේදීම ගම්‍යමානව ලියා පදිංචි කළ විට, එම මෘදුකාංග වල නවතම වර්ධන කිරීම් මෙන්ම පැන නැගිය හැකි ගැටළු වලට කරනු ලබන මෘදුකාංග අලුත්වැඩියා කිරීම් නිතිපතා ඔබට ලබාගැනීමට හැකි ක්‍රමයක් අප සකසා තිබේ.

ෆොනෝටෙක්ස්ට් නිෂ්පාදන ගැනුම් කරුවන්ට, මෘදුකාංග වර්ධනය කිරීම්ද, එමෙන්ම අපගේ නිෂ්පාදනවල නව ප්‍රයෝජනද, පරිශීලක අත්පොත සඳහා පැහැදිලි කිරීම් සහ ඊට සම්බන්ධ තොරතුරුද ලබා ගත හැකි අපගේ 'පුවත් ලිපියේ' සාමාජිකයන් විය හැකිය.

ඔබගේ නම සහ විද්‍යුත් ලිපිනය අප වෙත එවීමෙන් නොමිලේ දායකත්ව පිටපතක් ලබා ගැනීම සඳහා ලියා පදිංචි වීමට ඔබට හැකිවේ. එය මෙතනින් දැනුවත් කරන්න.

එසේම, දායකත්ව සේවයෙන් ඉවත්වීමට ඔබ අපේක්‍ෂා කරන්නේ නම්, දායකත්වයෙන් ඉවත්වීමට අප වෙත මෙතනින් දැනුවත් කරන්න.

පරිශීලකයන් විසින් ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක සඳහා නිෂ්පාදිත යුනිකුර™ මෘදුකාංගය පිළිබඳව නිතර නඟන ප්‍රශ්න එකතුවක් ලබා ගැනීම සඳහා මෙතනට පිවිසෙන්න.

පරිශීලකයන් විසින් ජංගම බහුකාර්‍ය දුරකථන සහ ඵලක පරිගණක සඳහා නිෂ්පාදිත සවනකුර™ මෘදුකාංගය පිළිබඳව නිතර නඟන ප්‍රශ්න එකතුවක් ලබා ගැනීම සඳහා මෙතනට පිවිසෙන්න.



Phonotext®© 2013