යුනිකුර බා ගැනීම සහ ස්ථාපිත කිරීම
යුනිකුර නිර්‍මාණය කර ඇත්තේ Windows හැසිරවුම් පද්ධතිය ස්ථාපිත කල පුද්ගලික පරිගණක සඳහාය. මේ සඳහා, "වින්ඩෝස් එක්ස් පී"( Windows XP), "වින්ඩෝස් විස්ටා"(Windows Vista),
"වින්ඩෝස් 7"(Windows 7) හෝ "වින්ඩෝස් 8"(Windows 8) හැසිරවුම් පද්ධතියක් අවශ්‍ය ය.

සිංහලෙන් ලේඛණ සැකසීමේදී පාරිභෝගිකයාහට මේ මෘදුකාංගය තුලින්උපරිම පහසුව සැපයීම මෙම නිපදවීමෙහිලා ප්‍රාථමික අරමණ විය.

සිංහල ලේඛණ සැකසීමේදී, සාමාන්‍ය යතුරු පුවරුව ම භාවිත කෙරේ.

එමෙන්ම, භාවිතයේදී නැගෙන ගැටලු ආදිය නිරාකණය ගැනීමට ආධාරවිය හැකි ඉතා විස්තරාත්මක අත්වැල් පහසුකම් මේ මෘදුකාංගය තුල අන්තර්ගත කිරීම ද තවත් අරමුණක් විය. [තවදුරටත් කියවන්න...]


යුනිකුර බා ගැනීම
යුනිකුර ඔබට මෙතනින් බා ගැනීමට පුලුවනි.

බා ගැනීම ඇරඹෙන විට පැනලයක් විවෘත වෙයි. ඔබ බා ගැනීමට සූදානම්වන ගොනුව එහි දැක් වෙයි. ඒ ගොනුව ඔබට ඔබේ පරිගණකයේ තැන්පත් කිරීමට හෝ එය විවෘත කිරීමේ හැකියාව ඔබට ලබා දෙයි. බා ගන්නා ගොනුව සංකෝචනය කරන ලද්දක්: "Unikura.zip". එය ඔබේ පරිගණකයේ සුදුසු, තෝරාගත් තැනක තැන්පත් කර ගන්න.

එසේ තැන්පත් කල ගොණුව, 'මල්ලක්' වැනියි. එහි අඩංගු දේ පිටතට ගැනීමට එය විවෘත කල යුතුයි. ඒ සඳහා "Winzip™" හෝ "Winrar™" වැනි මෘදුකාංග අවශ්‍ය වේ. ඒ පොදු විෂය පිලිබඳ විස්තර මෙතනින්. කියවිය හැකියි.

ඒ බා ගත් පොදියේ මේ දේ අඩංගුයි:
• "ReadMeFirst.txt" ගොණුවක්: බා ගත් මෘදුකාංගයට අදාල විශේෂ විස්තර ඇතොත් ඒවා එහි අඩංගුයි.
• අපේ අඩවියෙන් බා ගත් යුනිකුර මෘදුකාංගය ස්ථාපිත කිරීමට අවශ්‍ය මෙවලම් කට්ටලය: Setup.exe

● දෘඩාංග අවශ්‍යතා:
යුනිකුර ක්‍රියාත්මක වන්නේ ඇන්ඩ්‍රොයිඩ්™ හැසිරවුම් පද්ධතිය ස්ථාපිත වූ ජංගම උපකරණ මත ය, විශේෂයෙන්ම නවතම versions මත ය.

මේ හැසිරවුම් පද්ධති විස්තර පහත දැක්වෙයි.

යුනිකුර සඳහා අවම තරමින් පහත දැක්වෙන දෘඩාංග අවශ්‍යයි:
▪ අවම වශයෙන් අභ්‍යන්තර 256MB මතක අවකාශයක්
▪ අවම වශයෙන් බාහිර, 100MB චුම්භක මතක අවකාශයක්

● හැසිරවුම් පද්ධති අවශ්‍යතා:
යුනිකුර ක්‍රියාත්මක වන්නේ වින්ඩෝස්™(Windows™) හැසිරවුම් පද්ධති ස්ථාපිත වූ පරිගණක මත ය, විශේෂයෙන්ම:
       ▪ Windows XP
       ▪ Windows Vista
       ▪ Windows 7
       ▪ Windows 8
.
මීට අමතරව, වින්ඩෝස් පද්ධතියට ඈඳිය යුතු මෘදුකාංග කොටසක් වූ: "DotNet Framework 4.0" හෝ එයට වඩා එහි වඩාත් නවතම අනුවාදයක් ද අවශ්‍යය. එය අවශ්‍ය වන්නේ වින්ඩෝස් පද්ධතිය එය අවශ්‍ය බව ඔබට දැන්වුවහොත් පමණි.

යුනිකුර ස්ථාපිත කිරීම
යුනිකුර මෘදුකාංගයේ පැරණි කෘතියක් දැනටමත් ඔබ පරිගණකයේ ස්ථාපිත කර ඇත්නම්, එය මුලින් ම ඔබ පරිගණකයෙන් ඉවත් කල යුතුවේ.

ඒ සඳහා ඔබට, වින්ඩෝස් පද්ධතියේ "පාලන පුවරුවට" (Control Panel) පිවිස, එහි අඩංගු ලැයිස්තුවෙන් "මෘදුකාංග සහ ගුණාංග" (Programs and Features) සේවය යොදා ගැනීමට පුලුවනි. එය ක්‍රියාත්මක වූ පසු, එමගින් දැක්වෙන ඔබ පරිගණකයේ ස්ථාපිත මෘදුකාංග අතුරින් යුනිකුර තෝරා, එය ඉවත් කිරීමට උපදෙස් දෙන්න. එවිට යුනිකුර මෘදුකාංගය ඔබ පරිගණකයෙන් බැහැර කෙරේ.

අනතුරුව, යුනිකුර මෘදුකාංගය ස්ථාපිත කිරීම ඇරඹිය හැක.

ඒ සඳහා ඔබ අප අඩවියෙන් බා ගත් පොදියේ අඩංගු, යුනිකුර මෘදුකාංගය ස්ථාපිත කිරීමට අවශ්‍ය වූ: Setup.exe මෙවලම් කට්ටලයට මූසියෙන් දෙවරක් තට්ටු කරන්න.

එවිට ඒ කට්ටලය ක්‍රියාත්මකවී යුනිකුර මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපිත කරණු ඇත.

මෘදුකාංග කොටසක් වූ: "DotNet Framework 4.0", වින්ඩෝස් පද්ධතිය එය අවශ්‍ය බව ඔබට දැන්වුවහොත් එය මෙතනින් බා ගෙන එය ද ස්ථාපිත කර ගන්න.




Phonotext®© 2013