යුනිකුර මෘදුකාංගය ගැන විස්තර


යුනිකුර , "වින්ඩෝස්™"(Windows™) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත කල පුද්ගලික පරිගණක සඳහා නිර්‍මාණය කල මෘදුකාංගයකි.

මේ මෘදුකාංගය මගින්, සිංහල යුනිකේත අක්‍ෂර මාලාව යොදා ඕනෑම ලේඛණයක් සිංහලෙන් සැකසිය හැකියි. කථාවේ ශබ්දයට නිශ්චිතව අනුරූපීවන ඉංග්‍රිසි අකුරු අනුපිළිවෙල අනුව ශබ්ද විද්‍යාත්මක යතුරු සංකේත (phonetic key codes) ආධාරයෙන් සිංහල ලිවීම කෙරේ. ඒ සංකේත සපයන්නේ සාමන්‍ය පරිගණක යතුරු පුවරුවල ආධාරයෙනි.

ඒ මාර්‍ගයෙන්, යුනිකුර මගින් නිපදවෙන සිංහල යුනිකේත අක්‍ෂර, ලියකියවිලි, විචිත්‍ර ලේඛණ, ප්‍රදර්ශක, විද්‍යත් ලිපි, ආදී ඔබ තෝරාගන්නා ඕනෑම ලේඛණයක් ඔබට සැකසීමට පුලුවන.
යුනිකුර ස්ථාපිත කල හැක්කේ "වින්ඩෝස්™"(Windows™) හැසිරවුම් පද්ධති ස්ථාපිත කල පරිගණක වල ය. විශේෂයෙන් මේ පද්ධති ය:

සිංහලෙන් ලේඛණ සැකසීමේදී පාරිභෝගිකයාහට මේ මෘදුකාංගය තුලින්උපරිම පහසුව සැපයීම මෙම නිපදවීමෙහිලා ප්‍රාථමික අරමණ විය.

සිංහල ලේඛණ සැකසීමේදී, සාමාන්‍ය යතුරු පුවරුව ම භාවිත කෙරේ.

එමෙන්ම, භාවිතයේදී නැගෙන ගැටලු ආදිය නිරාකණය ගැනීමට ආධාරවිය හැකි ඉතා විස්තරාත්මක අත්වැල් පහසුකම් මේ මෘදුකාංගය තුල අන්තර්ගත කිරීම ද තවත් අරමුණක් විය.

ශ්‍රී ලංකාවේ කොළඹ 05, කිරිමණ්ඩල මාවතේ 160/24 දරණ ස්ථානයේ පිහිටි තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය සමග සහයෝගයෙන්, ශ්‍රී ලංකාවේ කොළඹ, ඇල්විටිගල මාවතේ වික්ටෝරියා පෙදෙසේ අංක 17 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමති ආයතනය විසින් සිංහල අකුරු උත්පාදනය සඳහා ශබ්ද විද්‍යාත්මක යුනිකෝඩ් සම්මතය වූ සිංහල සංකේත පරිවර්‍තනය අනුව ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු හුවමාරුව සඳහා වූ සිංහල අක්‍ෂර කේතයේ ප්‍රමතිය වන ශ්‍රී ලංකා ප්‍රමතිය 1134 : 2011, ෆොනොටෙක්ස්ට් දැඩිව අනුගමනය කරයි. ICTA ආයතනයේ වෙබ් අඩවියට මෙතනින් ප්‍රවිෂ්ඨවිය හැක. එම ප්‍රමිතිය දැක්වෙන සම්පූර්‍ණ ලේඛණය මෙතනින් බාගත හැක.

අපේ අත්දැකීම අනුව, සමහර මෘදුකාංග, ඒවා වෙත ලබා දෙන සෑම යුනිකේත සිංහල අක්‍ෂර, නියමාකාරයට ප්‍රදර්ශණය නොකරති.

විශේෂයෙන්ම, පිලි, ඇලපිලි, පා පිලි, අල් ලකුණු, යංසය, රේපය, රකරාංශ, බැඳි අකුරු, කොම්බුව, ආදීන් යෙදූ අක්‍ෂර මේවාට අයත් ය.

නමුත්, සමස්ථයක් වශයෙන් සියලූම අක්‍ෂර නියමාකාරයෙන් ප්‍රදර්ශණය කෙරෙන ලේඛණ සකසන මෘදුකාංග කට්ටලයක් නම් "ඕපන් ඔෆ්ෆිස්"(OpenOffice™) ය.

ඒ මෘදුකාංග කට්ටලය මෙතනින් ඔබට බා ගත හැක. එය නිර්‍මාණය කර බෙදා හරින්නේ "අපාචේ සොෆ්ට්වෙයා ෆවුන්ඩේෂන්" (Apache Software Foundation) ආයතනය මගිනි.

ඒ මෘදුකාංග කට්ටලය භාවිතයේ දී ඔබ ලබන තවත් වාසියක් නම්, එය ඒ ආයතනය මගින් නොමිලේ ලබා දීම යි. ඒ අතරම කිසිදු ලියා පදිංචි වීමේ අවශ්‍යතාවයක් හෝ බලපෑමක් ද ඔබට නැත.

එම කට්ටලයේ මෘදුකාංග, "වින්ඩෝස් ඔෆිස්"(®Windows ®MSOffice) කට්ටලයේ මෘදුකාංග සමග සමගාමී මෘදුකාංගයන් වීම ද තවත් වාසියකි.
"ඕපන් ඔෆිස්"(OpenOffice™) කට්ටලය අලුතින් භාවිත කිරීමට උනන්දුවන අයට, මේ කට්ටල දෙක අතර සම්බන්ධතාවය පහත පෙන්වමු:

"වින්ඩෝස් ඔෆිස්"(®Windows ®MSOffice) කට්ටලයෙන් ලබා ගත හැකි සියලූම පාහේ සේවාවන්, "ඕපන් ඔෆිස්"(OpenOffice™) කට්ටලයෙන් ද ලබා ගත හැකි ය.

"වින්ඩෝස් ඔෆිස්"(®Windows ®MSOffice) කට්ටලයෙන් සකසන ලේඛණ වර්‍ග වලට සමගාමී "ඕපන් ඔෆිස්"(OpenOffice™) ලේඛණ වර්‍ග පහත දක්වමු.
  • "එම් එස් ඔෆිස්/වර්ඩ්"(MSOffice/Word)[.doc, .docx] : "ඕපන් ඔෆිස්/රයිට්"(OpenOffice/Write) [.odt]
  • "එම් එස් ඔෆිස්/එක්සෙල්"(MSOffice/Excel) [.xls, .xslx]: "ඕපන් ඔෆිස්/කැල්ක්"(OpenOffice/Calc)[.ods]
  • "එම් එස් ඔෆිස්/පවර්පොයින්ට්"(MSOffice/Powerpoint) [.ppt, .pptx]: "ඕපන් ඔෆිස්/ඉම්ප්‍රෙස්"(OpenOffice/Impress) [.odp]
  • "එම් එස් ඔෆිස්/ඇක්සෙස්"(MSOffice/Access)[.mdb]: "ඕපන් ඔෆිස්/බේස්"(OpenOffice/Base) [.odb]

"වින්ඩෝස් ඔෆිස්"(®Windows ®MSOffice) කට්ටලයෙන් සකසන ලේඛණ වර්‍ග, ඊට සමගාමී "ඕපන් ඔෆිස්"(OpenOffice™)මෘදුකාංග මගින් විවෘත කර සංස්කරණය කල හැකිය. එමෙන්ම, "ඕපන් ඔෆිස්"(OpenOffice™)මෘදුකාංග මගින් සකසන නව ලේඛණ හෝ ඒවා මගින් සංස්කරණය කල ලේඛණ, "වින්ඩෝස් ඔෆිස්"(®Windows ®MSOffice) මෘදුකාංගවලට සමගාමී ලේඛණ වර්‍ග ලෙස පරිගණකයේ තැන්පත් කල හැකිය.

එම නිසා, ප්‍රායෝගික කෝණයකින් බලන කල, "ඕපන් ඔෆිස්"(OpenOffice™) කට්ටලය, "වින්ඩෝස් ඔෆිස්"(®Windows ®MSOffice) වෙනුවට සාර්ථක ලෙස සිංහල ලේඛණ සැකසීම සඳහා භාවිත කල හැකි විකල්ප මෘදුකාංග කට්ටලයකි.

යුනිකුර මෘදුකාංගය ඔබට 20 වාරයක් නොමිලේ පාවිච්චිකර අත්හදා බැලීමට අවකාශ තිබේ. මේ අත්හදා බැලීමේ වාර ගණනින් අනතුරුව එය තවදුරටත් භාවිතා කරගෙන යාමට ඔබට අවශ්‍යනම්, ඒ සඳහා ලියා පදිංචි අංකයක් ඔබට ලබා ගත යුතු වේ.

අත්හදාබැලීමේ කාලය අවසන් වීමට කලින් ද, ඔබට ලියා පදිංචි අකයක් ලබා, මෘදුකාංගය ඉන් ඉදිරියට නොකඩවා පාවිච්චි කරගෙන යාමට ද ඔබට පුලුවන.

ලියා පදිංචි අංකයක් ලබා ගන්නා ආකාරය මෙතනින් බලන්න.


යුනිකුර මෘදුකාංගය සම්බන්ධයෙන් අමතර විස්තර මේ පිටු වලින් ද ලබා ගැනීමට පුලුවනි:
යුනිකුර අත්පොත: මෙතනින්
නිතර නැගෙන ගැටලු හා විසඳීම්: මෙතනින්
ලියා පදිංචි අංක ලබා ගැනීම: මෙතනින්
යුනිකුර ලියා පදිංචි කිරීම්: මෙතනින්
මෘදුකාංග පාවිච්චි කිරීමේ කොන්දේසි: මෙතනින්
ඔබේ අදහස් අපට මෙතනින් විද්‍යුත් හසුනක් මගින් එවිය හැකියි. ඒ අදහස් අපට ඉතා වටනේය. අපි ඒවා ඉතා අගය කරමු.