යුනිකුර අත්පොත

යුනිකුර           


යුනිකුර , "වින්ඩෝස්™"(Windows™) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත කල පුද්ගලික පරිගණක සඳහා නිර්‍මාණය කල මෘදුකාංගයකි.

මේ මෘදුකාංගය මගින්, සිංහල යුනිකේත අක්‍ෂර මාලාව යොදා ඕනෑම ලේඛණයක් සිංහලෙන් සැකසිය හැකියි. කථාවේ ශබ්දයට නිශ්චිතව අනුරූපීවන ඉංග්‍රිසි අකුරු අනුපිළිවෙල අනුව ශබ්ද විද්‍යාත්මක යතුරු සංකේත (phonetic key codes) ආධාරයෙන් සිංහල ලිවීම කෙරේ. ඒ සංකේත සපයන්නේ සාමන්‍ය පරිගණක යතුරු පුවරුවල ආධාරයෙනි.

ඒ මාර්‍ගයෙන්, යුනිකුර මගින් නිපදවෙන සිංහල යුනිකේත අක්‍ෂර, ලියකියවිලි, graphical docs, විද්‍යත් ලිපි, ආදී ඔබ තෝරාගන්නා ඕනෑම ලේඛණයක් ඔබට සැකසීමට පුලුවන.
යුනිකුර ස්ථාපිත කල හැක්කේ "වින්ඩෝස්™"(Windows™) හැසිරවුම් පද්ධති ස්ථාපිත කල පරිගණක වල ය. විශේෂයෙන් මේ පද්ධති ය:
  • "වින්ඩෝස් එක්ස්පී™"(Windows XP™)
  • "වින්ඩෝස් විස්ටා™"(Windows Vista™)
  • "වින්ඩෝස් 7™"(Windows 7™)
  • "වින්ඩෝස් 8™"(Windows 8™)
මීට අමතරව, වින්ඩෝස් පද්ධතියට ඈඳිය යුතු මෘදුකාංග කොටසක් වූ: "DotNet Framework 4.0" හෝ එයට වඩා එහි වඩාත් නවතම අනුවාදයක් ද අවශ්‍යය. එය අවශ්‍ය වන්නේ වින්ඩෝස් පද්ධතිය එය අවශ්‍ය බව ඔබට දැන්වුවහොත් පමණි.

ඔබට යුනිකුර බා ගැනීමේ හා ස්ථාපිත කිරීමේ විස්තර මෙතනින් බලා ගැනීමට පුලුවනි.

සිංහලෙන් ලේඛණ සැකසීමේදී පාරිභෝගිකයාහට මේ මෘදුකාංගය තුලින්උපරිම පහසුව සැපයීම මෙම නිපදවීමෙහිලා ප්‍රාථමික අරමණ විය.

සිංහල ලේඛණ සැකසීමේදී, සාමාන්‍ය යතුරු පුවරුව ම භාවිත කෙරේ.

එමෙන්ම, භාවිතයේදී නැගෙන ගැටලු ආදිය නිරාකණය ගැනීමට ආධාරවිය හැකි ඉතා විස්තරාත්මක අත්වැල් පහසුකම් මේ මෘදුකාංගය තුල අන්තර්ගත කිරීම ද තවත් අරමුණක් විය. මේ අත්වැල් පහසුකම් ගැන රූප සහිතව පහත දැක් වේ

අපේ අත්දැකීම අනුව, සමහර මෘදුකාංග, ඒවා වෙත ලබා දෙන සෑම යුනිකේත සිංහල අක්‍ෂර, නියමාකාරයට ප්‍රදර්ශණය නොකරති.

විශේෂයෙන්ම, පිලි, ඇලපිලි, පා පිලි, අල් ලකුණු, යංසය, රේපය, රකරාංශ, බැඳි අකුරු, කොම්බුව, ආදීන් යෙදූ අක්‍ෂර මේවාට අයත් ය.

යුනිකුර සම්බන්ධයෙන් වඩාත් විස්තර සහ මේ අකුරු නිර්‍මාණය කිරීමේ ගැටලු නිරාකරණය කර ගැනීමේ විස්තර මෙතනින් බලා ගන්න.


පහත දැක්වෙන රූප විශාල කර බැලීමට මූසියේ දර්ශකය රූප මතට යොමු කරන්න.





යුනිකුර ලාංචණය
යුනිකුර බා ගැනීම
යුනිකුර බා ගැනීමේ විස්තර බලා ගැනීමට මෙතනට පිවිසෙන්න.

යුනිකුර ස්ථාපිත කිරීම
- පද්ධති අවශ්‍යතා
යුනිකුර ස්ථාපිත කල හැක්කේ "වින්ඩෝස්™"(Windows™) හැසිරවුම් පද්ධති ස්ථාපිත කල පරිගණක වල ය. විශේෂයෙන් මේ පද්ධති ය:
  • "වින්ඩෝස් එක්ස්පී™"(Windows XP™)
  • "වින්ඩෝස් විස්ටා™"(Windows Vista™)
  • "වින්ඩෝස් 7™"(Windows 7™)
  • "වින්ඩෝස් 8™"(Windows 8™)




පිළිගැනීමේ පිටුව

යුනිකුර ක්‍රියාත්මක කරවීම

යුනිකුර මෘදුකාංගය සක්‍රිය කල වහාම ඔබට වමේ දැක්වෙන රූපය ඔබ වෙත ඉදිරිපත් කෙරෙයි. ඊ රූපයේ "ඇතුලට එන්න" යන පාඨය දැක්වෙන බොත්තමක් ද වෙයි. එය තද කල විට ඔබව මෘදුකාංගය ක්‍රියාකාරී වී, එය ප්‍රමාණයෙන් හැකිලී, තිරයේ වම් පස ඉහල කොණේ ස්ථාන ගත වෙයි. ඒ රූපය ද පහත දැක්වේ.

එසේ ඒ "ඇතුලට එන්න" බොත්තම තද නොකලහොත්, තත්පර කීපයක් ඇවෑමෙන් ඉබේ සක්‍රිය වෙයි.

යුනිකුර ස්ථාපිත කර මුල් වරට ක්‍රියාත්මක කල විට, "පිලිගැනීමේ" පිටුවේ, මෙවැනි දැනුවත් කිරීමක් ප්‍රදර්ශකය කෙරේ: එනම් මෘදුකාංගය 20 වරක් නොමිලේ පාවිච්චි කල හැකි වග යි.

එතැන් සිට, මෘදුකාංගය පාවිච්චි කර වතාවක් පාසා, එම අංකය 1කින් පහල යයි. එසේ පහලට ගොස්, 0 දක්වා අඩුවූ පසු, එය නොමිලේ පාවිච්චි කිරීමේ අවස්ථාව නවතියි.

ඉන්පසු එය පාවිච්චි කිරීමට එය නැවත සක්‍රිය කල යුතුය. ඒ සඳහා ඔබට ලියා පදිංචි අංකය අප ආයතනයෙන් ලබා ගැනීමට සිදුවෙයි. ඒ විස්තර මෙතනින් බලා ගත හැකියි.

එසේ ලබා ගැනීමෙන් පසු ලියා පදිංචි අංකය ඇතුල් කරන්නේ කෙසේදැයි මෙතනින් බලා ගන්න.




යුනිකුර ක්‍රියාකාරී රූපය

යුනිකුර සක්‍රිය වී ඇති අවස්ථාව

මෘදුකාංගය ක්‍රියාකාරී වී, එය ප්‍රමාණයෙන් හැකිලී, තිරයේ වම් පස ඉහල කොණේ ස්ථාන ගත වෙයි. ඒ රූපය වම් පස දැක්වේ.

එම රූපයේ ඉහලින්ම ඇති පේලියේ, මෙනුවකි:
"අත්වැල්": මේ ප්‍රවේශය තුලින් මෘදුකාංගය පාවිච්චි කිරීමට ඔබට සහාය දෙන තොරතුරු ලබා දේ.
"තාක්‍ෂණික": මේ ප්‍රවේශය තුලින් මෘදුකාංගය පිළිබඳ තාක්‍ෂණික තොරතුරු ඔබට ලබා දේ.
"පිටවීම": මේ ප්‍රවේශය තුලින් මෘදුකාංගය අක්‍රිය කල හැක.

ඒ මෙනු පේලියට පහලින් ඔබට, ඔබේ ලේඛය සැකසීමට යොදා ගත හැකි බස තෝරා ගැනීමේ අවස
"සිංහල": සිංහල මේ මෘදුකාංගයේ "මව් භාෂාවයි".
"සංකේත": ඔබේ ලේඛණයට සංකේත ඇතුලත් කිරීමට අවශ්‍ය නම් මේ තේරීම කරන්න.
"English": ඔබේ ලේඛණයට ඉංග්‍රිසි අකුරු ඇතුලත් කිරීමට අවශ්‍ය නම් මේ තේරීම කරන්න.



අත්වැල්/හෝඩිය පිටුව

සිංහල හෝඩිය

මේ අවස්ථාවට එලඹෙන්නේ "අත්වැල්/ශබ්දිම සංකේත මාලාව" හරහා ය.

මේ පිටුවෙන් සිංහල හෝඩිය දැක් වේ. එහි අකුරක් මත මූසියෙන් තට්ටු කල විට, ඒ හා අකුරෙහි ප්‍රභේද දකුණු පස කොටුවේ දර්ශණය වේ.

ඒ ප්‍රභේදයක් මත තට්ටු කිරීමෙන් ඒ ප්‍රභේදය ජනනය කිරීමට ඔබ විසින් යතුරු පුවරුව හරහා ලිවිය යුතු ශබ්දිම සංකේත මාලාව ප්‍රදර්ශණය කෙරේ.

ඒ විස්තර සහිත රූපයක් පහත දැක් වේ.



අත්වැල්/ශබ්දිම සංකේත පිටුව

ශබ්දිම සංකේත පිටුව

මේ පිටුව ප්‍රදර්ශණය කෙරෙන්නේ, ඉහත සඳහන් පරිදි හෝඩියේ අකුරක් මත තට්ටු කිරීමෙනි.

උදාහරණයක් වශයෙන්, හෝඩියෙන් "ක" අකුර මත තට්ටු කිරීමෙන්, "ක" අකුරේ ප්‍රභේද මොනවාදැයි ඒ රූපයෙන් දැක්වේ.

ඒ ප්‍රභේද කීපයක් ජනනය කිරීමට ඇතුල් කල යුතු සංකේත කීපයක් නම්:

උදාහරණ:ක්[k] ක[ka] කා[kaa] කු[kuu] කේ[kee] කෝ[koo] කෛ[kei] කෲ[kruu] ක්‍රෝ[kroo] ක්‍යු[kyu] ර්‍කා[rkaa]

මේ රටාව සෑම අකුරක් සඳහාම අනුගමණය කෙරේ.



අත්වැල්/සංකේත පිටුව

විද්‍යා සංකේත පිටුව

මේ පිටුව ප්‍රදර්ශණය කෙරෙන්නේ, "අත්වැල්/සංකේත" තේරීම් තුලිනි. එවිට ලැබෙන රූපය වම් පස දැක්වේ. එහි ඵලක 4 ක් දැක් වේ:
  • ග්‍රීක් හෝඩිය
  • උඩ'කුරු සංකේත
  • යට'කුරු සංකේත
  • වෙනත් ගණිතමය සංකේත
කිසියම් ග්‍රීක හෝ අන් විද්‍යා සංකේතයක් ජනනය කිරීමට අවශ්‍ය ශබ්දිම සංකේතය දැන ගැනීමට, ඒ අවශ්‍ය සංකේතයට තට්ටු කරන්න. එවිට අදාල ශබ්දිම සංකේතය, දකුණු පසින් කුඩා කොටුවක ප්‍රදර්ශණය කෙරේ.

සුපුරුදු ග්‍රීක උදාහරණ කීපයක්: ග්‍රීක් α(සඳහා "a")   β(සඳහා "b")   θ(සඳහා "h")   Σ(සඳහා "S")     π(සඳහා "p").

උඩ'කුරු යෙදීම් කීපයක් නම්: x² සහ yⁿ සහ r⁻ⁿ සහ z⁽⁾
ඒවායේ උදාහරණයක්: x² සඳහා, පළමුව "ඉංග්‍රිසි" තෝරා x අකුරත්, ඊලඟට "සංකේත" තෝරා ගැනීමත්, පසුව මහකුර "S" ද, 2 ඉලක්කම ද යෙදිය යුතුය.

යට'කුරු යෙදීම් කීපයක් නම්: X₀, Yₑ Zₓ B₆ ඒවායේ උදාහරණයක්: X₀ සඳහා, සඳහා, පළමුව "ඉංග්‍රිසි" තෝරා X අකුරත්, ඊලඟට "සංකේත" තෝරා ගැනීමත්, පසුව සුලකුර "s" ද, 0 ඉලක්කම ද යෙදිය යුතුය.

ගණිතමය යෙදීම් කීපයක්: √2 සහ ∫ සහ ∫∫ සහ

ඒවායේ උදාහරණයක්: √ සඳහා, සඳහා, පළමුව "සංකේත" තෝරා, පසුව සුලකුරු "sq" yedhiimen √ සංකේතයද, ඊටපසු "ඉංග්‍රිසි" හෝ "සිංහල" තෝරා 2 ඉලක්කම ද යෙදිය යුතුය.



අත්වැල්/ලියා පදිංචි කිරීම පිටුව

යුනිකුර ලියා පදිංචි කරන්නේ කෙසේද?

යුනිකුර ලියා පදිංචි කරන්නේ කෙසේද? යන්න ගැන පූර්‍ණ විස්තර ඔබට මෙතනින් බලා ගැනීමට පුලුවනි.


අත්වැල්/ලියා පදිංචි කිරීමේ පිටුව

යුනිකුර ලියා පදිංචි කිරීම

යුනිකුර ලියා පදිංචි කරන්නේ කෙසේද? යන්න ගැන පූර්‍ණ විස්තර ඔබට මෙතනින් බලා ගැනීමට පුලුවනි.



යුනිකුර මෘදුකාංගය සම්බන්ධයෙන් අමතර විස්තර මේ පිටු වලින් ද ලබා ගැනීමට පුලුවනි:
යුනිකුර අත්පොත: මෙතනින්
නිතර නැගෙන ගැටලු හා විසඳීම්: මෙතනින්
ලියා පදිංචි අංක ලබා ගැනීම: මෙතනින්
යුනිකුර ලියා පදිංචි කිරීම්: මෙතනින්
මෘදුකාංග පාවිච්චි කිරීමේ කොන්දේසි: මෙතනින්
ඔබේ අදහස් අපට මෙතනින් විද්‍යුත් හසුනක් මගින් එවිය හැකියි. ඒ අදහස් අපට ඉතා වටනේය. අපි ඒවා ඉතා අගය කරමු.