"නිර්‍මාණ/සවනකුර වැඩි විස්තර මෙතනින්/සවනකුර ලියා පදිංචිය" හරහා...

නිර්‍මාණ ලියා පදිංචි කිරීම්


සවනකුර™ ලියා පදිංචි කිරීම:


සවනකුරDemo™ අත්හදාබැලීම් මෘදුකාංගය සඳහා විශේෂ ලියා පදිංචි කිරීමක් අවශ්‍ය නොවේ. ඔබ මෘදුකාංගය Google Play store. ආයතනයෙන් බා ගැනීම ම, ලියා පදිංචි වීමක් වශයෙන් සැලකේ.

එය බා ගැනීම සහ ස්ථාපිත කිරීමේ විස්තර මෙතනින් බලා ගැණීමට පුලුවනි.

සවනකුර™පූර්‍ණ බලැති මෘදුකාංගය සඳහා විශේෂ ලියපදිංචි කිරීමක් අවශ්‍ය නොවේ. ඔබ මෘදුකාංගය Google Play™ store. ආයතනයෙන් මිලදී ගැනීම ම, ලියා පදිංචි වීමක් වශයෙන් සැලකේ.

එය බා ගැනීම සහ ස්ථාපිත කිරීමේ විස්තර මෙතනින් බලා ගැණීමට පුලුවනි.


යුනිකුර™ ලියා පදිංචි කිරීම:


පළමුව, යුනිකුර™ අපේ වෙබ් අඩ්වියෙන් බාගෙන එය ඔබේ පරිගණකයේ ස්ථාපිත කර ගන්න. ඒ පිළිබඳ විස්තර මෙතනින් බලා ගත හැකියි.

ඉහත කී අන්දමට ඔබ යුනිකුර™ ස්ථාපිත කල අවස්ථාවේ සිට ඔබට එය 20වාරයක් නොමිලේ පාවිච්චි කිරීමේ පහසුකම ලැබේ. ඒ කාලය තුල එය පාවිච්චි කර, එහි ගුණාංග සියල්ල අත්හදා බැලීමට ඉඩකඩ සැපයීම එහි අරමුණයි. ඔබේ 20වාරය අවසන් වුවහොත්, එය ඉන් ඉදිරියටත් පාවිච්චි කර ගෙන යාමට ඔබ අප ආයතනයෙන් ලියා පදිංචි කිරීමේ අංකයක් මිලට ගත යුතුවෙයි.

ඔබේ වාර 20 ගත වීමට පෙර ඔබ එය ලියා පදිංචි කරණු ඇත, යන්න අපේ විශ්වාසයයි.

එසේ ස්ථාපිත කිරීමෙන් පසුව, යුනිකුර™ ලියා පදිංචි කිරීම පියවර දෙකකින් කෙරේ:

1වෙනි පියවර: යුනිකුර™ ලියා පදිංචි අංකය ලබා ගැනීම:


යුනිකුර
"ලියා පදිංචි මෙනුව" පිටුව
යුනිකුර™ සඳහා ලියා පදිංචිකිරීමේ අංකයක් ලබා ගන්නා විස්තර ඔබට මෙතනින් ලබා ගත හැකියි.

එමෙන්ම, ලියා පදිංචි කිරීමේ කෙටි විස්තරයක්, "අත්වැල්" හරහා "ලියා පදිංචිය" තෝරා, "කරන්නේ කෙසේද?" යන පිටුව කැඳවීමෙන් බලා ගත හැක.



"ලියා පදිංචි කිරීම ගැන"
ඒ පිටුවෙන් ඔබට ඔබේ පරිගණකයට ආවේනික වූ අක්‍ෂර 16කින් යුත් හැඳුනුම් අංකයක් ප්‍රදර්ශණය කෙරේ. ඒ අංකය ඉතා වැදගත් ය. එය සුරක්‍ෂිතව ලියා තබා ගන්න.
ඔබේ පරිගණකයට අවශ්‍ය ලියා පදිංචි අංකය ලබා ගැනීමට ඒ අංකය අපවෙත එවිය යුතුවේ.
එසේ එවන්නේ ලියා පදිංචි අංකය මිලට ගන්නා අවස්ථාවේදී ය. යුනිකුර™ මිලට ගතහැකි විස්තර මෙතනින් බලා ගන්න.

මිලදී ගැනීම අවසන් වූ විට, අපට ඒ විස්තර ලැබුණු වහාම, ඔබ මිලදී ගැනීමෙහි යෙදී සිටියදී ඉදිරිපත් කල විද්‍යුත් ලිපිනයට ඔබට අදාල ලියා පදිංචි අංකය විද්‍යුත් තැපෑලෙන් ම අප ඔබට එවමු.

එම අංකය ද ඉතා වැදගත් ය. එම අංකය නිකුත් කරනුයේ එක් වරක් පමණක් නිසාය ඒ.
යුනිකුර™ සඳහා ලියා පදිංචිකිරීමේ අංකයක් ලබා ගන්නා විස්තර ඔබට මෙතනින් ලබා ගත හැකියි. එමෙන්ම, ලියා පදිංචි කිරීමේ කෙටි විස්තරයක්, "අත්වැල්" හරහා "ලියා පදිංචිය" තෝරා, "කරන්නේ කෙසේද?" යන පිටුව කැඳවීමෙන් බලා ගත හැක.


2වෙනි පියවර:යුනිකුර™ ලියා පදිංචි අංකය ඇතුල් කිරීම:


"ලියා පදිංචිය"
ඔබ ඉහත කී අන්දමට ලබා ගන්නා, අක්‍ෂර 16 ඇතුලත් ලියා පදිංචි කිරීමේ අංකය පළමුව යුනිකුර™ තුලට ඇතුල් කල යුතුය. එසේ කිරීමට:
● ඊට පිළිතුරු වශයෙන් ලැබෙන උප මෙනුවෙන් "ලියා පදිංචිය" තෝරාගන්න
● එවිට ඔබට "කරන්නේ කෙසේද?" සහ "මෙතනින් ලියා පදිංචි කරන්න" යන ශීර්ෂ ඔබට ලැබේ
● එයින් "මෙතනින් ලියා පදිංචි කරන්න" තෝරාගන්න
● එවිට "ලියා පදිංචි අංකය ඇතුල් කිරීම" යන සිරස් තලය සහිත පිටුවක් ඔබ වෙත ඉදිරිපත් කෙරේ
● එහිදී, පළමුව, ඔබට අප ආයතනයෙන් එවූ ලියා පදිංචි අංකය, "ඔබේ ලියා පදිංචි අංකය ඇතුල් කරන්න" ඉදිරියෙන් ඇති කොටුවේ ලියන්න.

ලියා පදිංචි අංකය ප්‍රවේශමෙන් ඇතුල් කරන්න. වැරදීමක් ඇතිවුවහොත් යුනිකුර™ එය ප්‍රතික්‍ෂේප කරනු ඇත.

ඔබට ලැබෙන ලියා පදිංචි අංකය වලංගු එක් පරිගණකයක් සඳහා පමණි. එනම්, ඔබ ලියා පදිංචිය සඳහා අංකයක් මිලට ගැනීමේදී සඳහන් කල පරිගණකයට පමණි. කිසියම් හේතුවක් නිසා හෝ ඔබට යුනිකුර™ නැවත එම පරිගණකයේම ස්ථාපිත කිරීමට සිදුවුවහොත්, ඔබ්ට කලින් එවූ ලියා පදිංචි අංකය නැවත යෞදා ගත හැක. ලබා ගන්නා ලියා පදිංචි අංකය වෙනත් පරිගණකයකට මාරු කල හැකි ද නොවේ.



"කොන්දේසි"
ඊට පසු:
● ඔබ ඒ කොන්දේසිවලට එකඟ දැයි තීරණය කරන්න.
● එකඟ නම්, "එකඟ වෙමි" බොත්තම තෝරන්න.
● එසේ කලවිට, "ලියා පදිංචි කරන්න" බොත්තම අලුතින් දර්ශණය වේ.
● එය තද කිරීමෙන්, ලියා පදිංචි කිරීමේ කටයුතු අවසන් වේ.
● ඊට පසු "මෙය වසන්න" බොත්තම තද කිරීමෙන් පිටුව වැසිය හැකියි.

ලියා පදිංචි අංකය ප්‍රවේශමෙන් ඇතුල් කරන්න. වැරදීමක් ඇතිවුවහොත් යුනිකුර™ එය ප්‍රතික්‍ෂේප කරනු ඇත.

ඔබට ලැබෙන ලියා පදිංචි අංකය වලංගු එක් පරිගණකයක් සඳහා පමණි. එනම්, ඔබ ලියා පදිංචිය සඳහා අංකයක් මිලට ගැනීමේදී සඳහන් කල පරිගණකයට පමණි. කිසියම් හේතුවක් නිසා හෝ ඔබට යුනිකුර™ නැවත එම පරිගණකයේම ස්ථාපිත කිරීමට සිදුවුවහොත්, ඔබ්ට කලින් එවූ ලියා පදිංචි අංකය නැවත යොදා ගත හැක. ලබා ගන්නා ලියා පදිංචි අංකය වෙනත් පරිගණකයකට මාරු කල හැකි ද නොවේ.


ඔබ ලියා පදිංචි අංකය නිවැරදිව ඇතුලත් කලේ නම්, ඒ ඇතුලත් කලේ අදාල පරිගණකයට ම නම්, ලියා පදිංචි අංකය නිවැරදිව ලබා ගත් බව දක්වමින් ඔබට පිටුවේ පහලින් ඇති කොටුවේ දර්ශණය කෙරේ. අවසානයේදී "පිටවීම" බොත්තම තද කලවිට පිටුව වැසී ලියා පදිංචි කිරීම අවසන් වේ.

ඉන්පසු යුනිකුර මෘදුකාංගය අවහිරයක් නැතිව පාවිච්චි කල හැකිය.



Phonotext®© 2013