ඔබව ෆොනොටෙක්ස්ට්© වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු!

සිංහල භාෂාව, සංස්කෘතික වැදගත්කමින් යුක්තවූ ද, අවුරුදු දහස් ගණනක ප්‍රෞඪ ඉතිහාසයක් ඇත්තාවූ ද භාෂාවක් වූව ද, සීඝ්‍රයෙන් ඉංග්‍රිසිකේන්ද්‍රීය වී යන ලෝකයක, එහි පැවැත්ම ගිලිහීයාමේ තර්ජනයකට දීර්ඝ කාලයක් තිස්සේම භාජනය වෙමින් පවතී. නමුත්, සන්නිවේදන තාක්‍ෂණයේ ව්‍යාප්තිය නිසා සිංහල භාෂාව ව්‍යාප්ත කිරීමේ උනන්දුවක් නැවත ඇතිවී තිබේ.

ගෘහස්ථ පරිශීලකයන් සහ ශිෂ්‍යයන් ඉලක්ක කරගෙන, සිංහල භාවිතය වඩාත් ජනප්‍රිය කිරීම උදෙසා නිෂ්පාදන හඳුන්වාදීමෙන් ඉහත කී උනන්දුව සපුරාලීමෙහි ලා ස්වල්ප වශයෙන් හෝ දායකත්වයක් ලබාදීමට හැකිවීම ගැන ෆොනොටෙක්ස්ට් ආයතනයට යම් ප්‍රමාණයක ආඩම්බරයක් ද ඇත්තේය.

අප මේ උත්සාහයේදී පරිගණක වදන් හැකි පමණ අප ව්‍යවහාරයේ ම පවතින භාෂාවෙන් උකහා ගන්නට වෑයම් කළෙමු. ඒ වදන් පෙල (ඉංග්‍රිසි යෙදුම් ද සහිතවූ) මෙතනින් කියවන්න.

කථාවේ ශබ්දයට නිශ්චිතව අනුරූපීවන ඉංග්‍රිසි අකුරු අනුපිළිවෙලෙහි ශබ්ද විද්‍යාත්මක යතුරු සංකේත (key codes) හරහා (උදාහරණ මෙතනින්) ඔබට සිංහල ලිවිය හැක.

ඒවා පිළිගත් සම්මතයන් අනුව සකසා ඇති අතර, සෑම මෘදුකාංගයක් තුල ම පුළුල් අත්වැල් සහ අත්පොත් පහසුකම් අඩංගුකොට ඇත.


දැනට අප නිෂ්පාදනය කර ඉදිරිපත් කරනු ලබන, පූර්‍ණ පහසුකම් සහිත ද්විභාෂා විද්‍යුත් හසුන් යැවීමේ නිෂ්පාදනයක් වන සවනකුර මෘදුකාංගය, ඇන්ඩ්‍රොයිඩ්(Android™) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත ජංගම දුරකථණ සහ ඵලක සඳහා නිර්‍මාණය කර ඇත. එහි ලාංචණය වම් පසින් ඔබට දැකිය හැකිය.

සවනකුර හඳුන්වා දීමේ විඩියෝ පටය මෙතනින් නරඹන්න. සවනකුර මෘදුකාංගය ගැන විස්තර මෙතනින් කියවන්න.




අපේ තවත් නිර්‍මාණයක් වූ යුනිකුර, වින්ඩෝස්™( Windows™) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක සඳහා අප සකසා ඇත. එහි ලාංචණය වම් පසින් ඔබට දැකිය හැකිය.

යුනිකුර හඳුන්වා දීමේ විඩියෝ පටය මෙතනින් නරඹන්න. යුනිකුර මෘදුකාංගය ගැන විස්තර මෙතනින් කියවන්න.




අපගේ නිෂ්පාදන ගැන අපගේ නිෂ්පාදන පිටුව මගින් වැඩිදුර විස්තර කියවීමට ඔබට පුළුවන.

අපගේ පුවත් සේවයට දායකවීම මගින්, අපේ නව නිපැයුම්, තාක්‍ෂණික ප්‍රවෘත්ති, සහ මෘදුකාංග යාවත්කාලීන කිරීම් ආදීන්ගැන දැනුවත් විමට ඔබට පුළුවන. ඒ දායකත්වය මෙතනින් ලබා ගන්න.

මේ වෙබ් අවවියේ නොයෙක් නොයෙක් පිටුවල සඳහන් කර ඇති අන් ආයතන මෙන් ම, අප ආයතනයේ නිර්‍මාණවල ලියා පදිංචි, කර්තෲභාග අයිතිවාසිකම්, වෙළඳ ලකුණු, ආදිය ද මේ පිටුවේ දක්වා ඇත.


Phonotext®© 2013