නිර්‍මාණ: ෆොනොටෙක්ස්ට් (PhonoText) ඉදිරිපත් කරන...

Phonotext ශබ්දිම ක්‍රමයෙන් සිංහල යුනිකෝඩ් නිපදවන නවතම මෘදුකාංග නිර්‍මාණ හඳුන්වා දෙයි.

"සවනකුර" මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ්™(Android™) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත ජංගම දුර කතන සහ උපකරණ සඳහා වන අතර, "යුනිකුර™", වින්ඩෝස්(Windows) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත පරිගණක සඳහා වේ.




සවනකුර™            මිලට ගැනීමට මෙතනින්...            අත්හදා බැලීමේ ආදර්ශයක් මෙතනින්...            වැඩි විස්තර මෙතනින්...


සවනකුර නිර්‍මාණය කර ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් (Android) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත කල ජංගම දුර කථන ආදී උපකරණ ඉලක්ක කරගෙන ය. අවම වශයෙන් ඇන්ඩ්‍රොයිඩ්™ අංක 4.0.3 සංස්කරණය (Android™ Version 4.0.3 (Icecream Sandwich)) හැසිරවුම් පද්ධතිය අවශ්‍යය. වඩා නවතම සංස්කරණ සිංහල අකුරු නිර්‍මාණය කර තිරයෙහි දැක්වීම වඩා තාත්විකව කරති.

සිංහලෙන් හසුන් සැකසීමේදී හා ඒවා විද්‍යුත් මාධ්‍ය මගින් යැවීමේදී, පාරිභෝගිකයාහට මේ මෘදුකාංගය තුලින්උපරිම පහසුව සැපයීම මෙම නිපදවීමෙහිලා මූලික අරමුණ විය.

මේ සඳහා උපකරණයේ ස්පර්ශ සංවේදී තිරය මත, දිස්වෙන පරිගණක යතුරු පුවරුවක ආකෘතියක් ආධාරයෙන් සිංහල හසුන් ලිවිය හැකි සේ සවනකුර නිර්‍මාණය කර තිබීම එහි විශේෂ ලක්‍ෂණයකි.

එමෙන්ම, භාවිතයේදී නැගෙන ගැටලු ආදිය නිරාකණය ගැනීමට ආධාරවිය හැකි ඉතා විස්තරාත්මක අත්වැල් පහසුකම් මේ මෘදුකාංගය තුල අන්තර්ගත කිරීම ද තවත් අරමුණක් විය. [තවදුරටත් කියවන්න...]



යුනිකුර            බා ගැනීම මෙතනින්...            වැඩි විස්තර මෙතනින්...


යුනිකුර නිර්‍මාණය කර ඇත්තේ Windows හැසිරවුම් පද්ධතිය ස්ථාපිත කල පුද්ගලික පරිගණක සඳහාය. මේ සඳහා, වින්ඩෝස් එක්ස් පී™( Windows XP™), වින්ඩෝස් විස්ටා™(Windows Vista™), වින්ඩෝස් 7™(Windows 7™) හෝ වින්ඩෝස් 8(Windows 8) හැසිරවුම් පද්ධතියක් අවශ්‍ය ය.

සිංහලෙන් ලේඛණ සැකසීමේදී පාරිභෝගිකයාහට මේ මෘදුකාංගය තුලින්උපරිම පහසුව සැපයීම මෙම නිපදවීමෙහිලා ප්‍රාථමික අරමණ විය.

සිංහල ලේඛණ සැකසීමේදී, සාමාන්‍ය යතුරු පුවරුව ම භාවිත කෙරේ.

එමෙන්ම, භාවිතයේදී නැගෙන ගැටලු ආදිය නිරාකණය කර ගැනීමට ආධාරවිය හැකි ඉතා විස්තරාත්මක අත්වැල් පහසුකම් මේ මෘදුකාංගය තුල අන්තර්ගත කිරීම ද තවත් අරමුණක් විය. [තවදුරටත් කියවන්න...]



Phonotext®© 2013