යුනිකුර: ලියා පදිංචි අංකයක් මිලදී ගැනීමේ විස්තර

යුනිකුර මෘදුකාංගය ඔබට 20 වාරයක් නොමිලේ පාවිච්චිකර අත්හදා බැලීමට අවකාශ තිබේ. මේ අත්හදා බැලීමේ වාර ගණනින් අනතුරුව එය තවදුරටත් භාවිතා කරගෙන යාමට ඔබට අවශ්‍යනම්, ඒ සඳහා ලියා පදිංචි අංකයක් ඔබට ලබා ගත යුතු වේ.

යුනිකුර: ලියා පදිංචි අංකයක් ඔබට $19.99 ක් ගෙවීමෙන් ඔබට ලබා ගත හැකියි.

ඒ සඳහා ඔබට ගෙවීම් ක්‍රම කීපයක් අප සකස් කර තිබේ. එක් ක්‍රමයක් නම්, ණයකර පත් මගින් ගෙවීමයි.
ලංකාවෙන් පිට ජීවත්වන අපේ දායකයන් හට මෙය ඉතා පහසු ගෙවීම් ක්‍රමයකි.
ලංකාවේ දායකයන් හට ණයකර පත් භාවිත කල හැකිවාක් මෙන් ම, බැංකු හරහා ද ගෙවීම් කල හැකියි.
බැංකු හරහා ගෙවීමේ පටිපාටිය බැංකුවෙන් බැංකුවට වෙනස් වන නිසා, ප්‍රධාන බැංකු කීපයක් අනුගමනය කරනා පටිපාටි පහත විස්තර කරමු.

● ණයකර පත් මගින් ගෙවීම්
පහත දැක්වෙන ණයකර පත් මගින් ගෙවීම් කිරීමට පුලුවන:
- [Paypal]
- [Visa] ????
- [Mastercard] ????

● බැංකු හරහා ගෙවීම්
ලංකා බැංකුව හරහා ගෙවීම් කරන ක්‍රමය
මහජන බැංකුව හරහා ගෙවීම් කරන ක්‍රමය
සම්පත් බැංකුව හරහා ගෙවීම් කරන ක්‍රමය

ඔබගේ ගෙවීම් ක්‍රමය කුමක් වුවද, ඉතාමත්ම වැදගත් තොරතුරු දෙකක් ගෙවීම සමග ඒකාබද්ධව ඉදිරිපත් කල යුතු වෙයි. ඒවා නම්:
1. ඔබේ විද්‍යත් ලිපිනය
මෙය අවශ්‍ය වන්නේ ලියා පදිංචි අංකය ඔබ වෙත එවීමට යි. එය නිවැරදිව සැපයීමට අමතක නොකරන්න. එසේ නොවුවහොත්, ඔබ මුදල් සඳහා අපට ලියා පදිංචි අංකය අපට ඔබ වෙත එවීමට නොහැකි වෙයි. එමගින් ඔබේ මුදල අපතේ යාමට ද කිසියම් ඉඩකඩක් විවෘත වේ.

2. ඔබ යුනිකුර: ස්ථාපිත කල අවස්ථාවේ ඔබ වෙත නිකුත් කෙරුනු "පුද්ගලික හැඳිනීම් අංකය"
යුනිකුර: ස්ථාපිත කල අවස්ථාවේ ඔබ වෙත නිකුත් කෙරුනු "හැඳිනීම් අංකය" ඔබ ප්‍රවේශමෙන් ලියා තබන්නට ඇතැයි අප සිතමු. එය බොහෝ ප්‍රවේශමෙන්, නිවැරදිව සැපයිය යුතුය. එය එසේ නිවැරදි ඔබට හිමි අංකය අප වෙත ලඟා නොවුවහොත්, ලියා පදිංචි අංකයක් නිකුත් වන්නේ නොහඳුනන පරිගණකයකට ය. එවැනි ලියා පදිංචි අංකයක් ඔබ වෙත ලැබී එය යොදා මෘදුකාංගය ලියා පදිංචි කිරීමට උත්සාහ කිරීමේදී ලියා පදිංචි අංකය සාවද්‍යයැයි ප්‍රතික්‍ෂේප වේ. මෙහිදී ද, ඔබේ මුදල අපතේ යාමට ඉඩකඩක් විවෘත වේ.

ඔබට ඔබ වෙත් නිකුත් කෙරුණු "පුද්ගලික හැඳිනීම් අංකය" අමතක වී හෝ සොයා ගැනීමට නොහැකි වුවහොත්, එය යුනිකුර: මාර්‍ගයෙන්, පහත දැක්වෙන අයුරින් නැවත ලබා ගත හැකිය.

යුනිකුර™ " පුද්ගලික හැඳිනීම් අංකය" ලබා ගැනීම:


යුනිකුර
"ලියා පදිංචි මෙනුව" පිටුව
යුනිකුර™ සඳහා ලියා පදිංචිකිරීමේ අංකයක් ලබා ගන්නා විස්තර ඔබට මෙතනින් ලබා ගත හැකියි.

එමෙන්ම, ලියා පදිංචි කිරීමේ කෙටි විස්තරයක්, "අත්වැල්" හරහා "ලියා පදිංචිය" තෝරා, "කරන්නේ කෙසේද?" යන පිටුව කැඳවීමෙන් බලා ගත හැක.



"ලියා පදිංචි කිරීම ගැන"
ඒ පිටුවෙන් ඔබට ඔබේ පරිගණකයට ආවේනික වූ අක්‍ෂර 16කින් යුත් හැඳුනුම් අංකයක් ප්‍රදර්ශණය කෙරේ. ඒ "පුද්ගලික හැඳිනීම් අංකය" ඉතා වැදගත් ය. එය සුරක්‍ෂිතව ලියා තබා ගන්න.
ඔබේ පරිගණකයට අවශ්‍ය ලියා පදිංචි අංකය ලබා ගැනීමට, මුදල් ගෙවීමේදී ඒ අංකය අපවෙත එවිය යුතුවේ.


අප නිකුත් කරනා ලියා පදිංචි අංකය ද ඉතා වැදගත් ය. එම අංකය නිකුත් කරනුයේ එක් වරක් පමණක් නිසාය ඒ.
යුනිකුර™ සඳහා ලියා පදිංචිකිරීමේ අංකයක් ලබා ගන්නා විස්තර ඔබට මෙතනින් ලබා ගත හැකියි. එමෙන්ම, ලියා පදිංචි කිරීමේ කෙටි විස්තරයක්, "අත්වැල්" හරහා "ලියා පදිංචිය" තෝරා, "කරන්නේ කෙසේද?" යන පිටුව කැඳවීමෙන් බලා ගත හැක.




වැදගත්:
1. ලියා පදිංචි අංකය පරිගණකයේ මුලු ජීවිත කාලය තුල ම වලංගුය
එනම්, කිසියම් හේතුවක් නිසා ඔබට වින්ඩෝස් හැසිරවුම් පද්ධතිය නැවත ස්ථාපිත කිරීමට සිදුවුවහොත් හෝ යුනිකුර මෘදුකාංගය නැවත ස්ථාපිත කිරීමට සිදුවුවහොත්, යුනිකුර මෘදුකාංගය නැවත ලියා පදිංචි කල යුතු වේ. ඒ සඳහා මේ ලැබුණු ලියා පදිංචි අංකය නැවත, නැවතත් යොදා ගත හැකියි.

2.ඔබ වෙත නිකුත් කරන ලියා පදිංචි අංකය වලංගු වන්නේ "පුද්ගලික හැඳිනීම් අංකය" වලංගු පරිගණකයට පමණයි.
එය වෙනත් පරිගණකයක් ලියා පදිංචි කිරීමට යොදා ගත නොහැකියි!



යුනිකුර මෘදුකාංගය සම්බන්ධයෙන් අමතර විස්තර මේ පිටු වලින් ද ලබා ගැනීමට පුලුවනි:
යුනිකුර අත්පොත: මෙතනින්
නිතර නැගෙන ගැටලු හා විසඳීම්: මෙතනින්
ලියා පදිංචි අංක ලබා ගැනීම: මෙතනින්
යුනිකුර ලියා පදිංචි කිරීම්: මෙතනින්
මෘදුකාංග පාවිච්චි කිරීමේ කොන්දේසි: මෙතනින්
ඔබේ අදහස් අපට මෙතනින් විද්‍යුත් හසුනක් මගින් එවිය හැකියි. ඒ අදහස් අපට ඉතා වටනේය. අපි ඒවා ඉතා අගය කරමු.