බා ගත හැකි නිර්‍මාණ
දැනට බා ගත හැකි නිර්‍මාණ කීපයක් අප ලඟ තිබේ. මේ නිර්‍මාණ අතරින් පරිගණක යතුරු පුවරුව හරහා ඇතුල්වෙන ඉංග්‍රිසි අක්‍ෂර ශබ්දිම සංකේත අනුසාරයෙන් සිංහල අකුරු ජනනය කරනා මෘදුකාංග දෙකක් ද පහත දැක්වෙයි. පරිගණක ඉලක්ක කර ගත් නිර්‍මාණ, පරිගණක යතුරු පුවරුව ම භාවිත කරති.

ජංගම සංනිවේදන උපකරණ ඉලක්ක කර ගත් නිර්‍මාණ, යතුරු පුවරු රූ ඒවායේ තිරවල ප්‍රදර්ශණය කරති. ඒ "මෘදු" යතුරු පුවරු, පරිගණක යතුරු පුවරු මෙන් යොදා ගැනේ.

මේ වසර අවසානය වන විට මීට අමතර නිර්‍මාණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

මෙහි දැනට ඉදිරිපත් කෙරෙන නිර්‍මාණ යුගලය, මිලට ගැනීමට පෙර අත්හදා බැලීම සඳහා බා ගැනීමට ද පුලුවන.

මෘදුකාංග අත්හදා බැලීමේ පිටපත් මෙන්ම මිලට ගැනීමේ පිටපත් ගැන ද විස්තර මෙතනින් ලබා ගන්න.




සවනකුර මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ්™(Android™) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත ජංගම දුර කතන සහ උපකරණ ඵලක අරමුණු කර නිර්මාණය කර ඇත.

මෙම මෘදුකාංගය හරහා කථාවේ ශබ්දයට නිශ්චිතව අනුරූපීවන ඉංග්‍රිසි අකුරු අනුපිළිවෙලෙහි ශබ්ද විද්‍යාත්මක යතුරු සංකේත (key codes) හරහා සරලවූත් ප්‍රතිභාපූර්‍ණවූත් යෙදවුම් තුලින් සිංහල හසුන් ලිවීමට හැකියාව ලබා දෙයි. ඒ සඳහා අප කාටත් හුරු පුරුදු පරිගණක යතුරු පුවරුවක ආකෘතියක් උපකරණ තිරය මත ප්‍රදර්ශණය කිරීමෙන් ඒ ශබ්දිම සංකේත ලිවීමට උපකාර කෙරේ. සවනකුර නිර්‍මාණය කර ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් (Android) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත කල ජංගම දුර කතන, ඵලක ආදී උපකරණ ඉලක්ක කරගෙන ය. එහි ක්‍රියාකාරිත්වයට අවම වශයෙන් ඇන්ඩ්‍රොයිඩ්™ ප්‍රකාශකාංක 2.2 (Android™ Version 2.2 (ෆ්‍රෝයෝ)) හැසිරවුම් පද්ධතිය අවශ්‍යය. වඩා නවතම අනුවාද සිංහල අකුරු නිර්‍මාණය කර තිරයෙහි දැක්වීම වඩා තාත්විකව කරති. මෙමගින් සකසන කෘති විද්‍යුත් හසුන් ලෙස හෝ SMS හසුන් ලෙස යැවිය හැකිය.

එක් එක් ඇන්ඩ්‍රොයිඩ් ප්‍රකාංශක උදෙසා වැඩි දියුණු කල සවනකුර මෘදුකාංග ප්‍රකාංශක කිහිපයක් අප ඉදිරිපත් කරමු.

අත්හදා බැලීම සඳහා ම නිපදවූ මෘදුකාංග ප්‍රකාංශක අපේ වෙබ් අඩවියෙන් බා ගැනීමට පුලුවන.
නමුත්, ප්‍රධාන වශයෙන් අප බලාපොරොත්තුවන්නේ ඔබ පූර්‍ණ ක්‍රියාකාරී ප්‍රකාංශක ගූග්ල් අඩ්වියෙන් ( Google Play Store) ම ලබා ගනු ඇති බවයි.
එසේ නමුත්, ඔබට මේ ප්‍රකාංශක අපේ වෙබ් අඩවියෙන් ද ලබා ගැනීමට පුලුවන. මිලදී හා බා ගැනීම් සඳහා මේ පිටුවට පිවිසෙන්න.


සවනකුර මෘදුකාංගයේ වැඩි විස්තර මෙතනින් ලබා ගන්න.

සවනකුර අත්හදාබැලීමේ මෘදුකාංග මෙතනින් බා ගත හැකියි. ඒ සමගම එය ස්ථාපිත කිරීමේ උපදෙස් ද ඔබට කියවිය හැකිය.

සවනකුර පරිශීලක අත් පොත: සවනකුරසිංහලපරිශීලකඅත්පොත.pdf මෙතනින් බා ගත හැකියි.




යුනිකුර පරිගණක ඉලක්ක කර නිපදවූ මෘදුකාංගයකි. එය වින්ඩෝස් (Windows) හැසිරවුම් පද්ධති ස්ථාපිත පරිගණක සඳහා පමණි. එය ක්‍රියාත්මක කල පසු, ප්‍රමාණයෙන් හැකිලී, තිරයේ කොණක තැන්පත් වී යතුරු පුවරුවෙන් ඇතුල්වෙන, ඉංග්‍රිසියෙන් ලියවෙන, ශබ්දිම සංකේත යොදා සිංහල අක්‍ෂර ජනනය කරයි. එසේ ජනනය වෙන සිංහල අක්‍ෂර, තිරයේ විවෘතවී ඇති ඕනෑම ලියකියවිල්ලක් හෝ ගණනය කිරීමක් වෙත හෝ යැවිය හැකි වේ. එමෙන්ම එසේ යැවෙන අක්‍ෂර, ඔබ කැමති අකුරු හැඩය අනුව ඒවා හැඩගැස්විය හැකි ද වේ.

ඉලක්ක කරගත් හැසිරවුම් පද්ධති නම්:
● Windows XP
● Windows Vista
● Windows 7
● Windows 8

යුනිකුර මෘදුකාංගයේ වැඩි විස්තර මෙතනින් ලබා ගන්න.

යුනිකුර මෙතනින් බා ගත හැකියි. ඒ සමගම එහිදී එය ස්ථාපිත කිරීමේ උපදෙස් ද ඔබට කියවිය හැකිය.

යුනිකුර පරිශීලක අත් පොත: යුනිකුරසිංහලපරිශීලකඅත්පොත.pdf මෙතනින් බා ගත හැකියි.




වෙනත් අදාල සහ ප්‍රයෝජනවත්විය හැකි බා ගැනීම්:

අ. තොරතුරු හුවමාරුව සඳහා වූ පිලිගත් සිංහල අක්ෂර කේතය දැක්වෙන ලේඛණය :
"THE SLS 1134: 2011 SINHALACHARACTER CODE FOR INFORMATION INTERCHANGE" මෙතනින් බා ගන්න.

ආ. ලංකා ප්‍රමිති ආයතනය මගින් නිපදවා ඇති, අකුරු රුව: 1090-WARNA, සිංහල අකුරු ජනනය කිරීමේදී සවනකුර මෘදුකාංගය යොදා ගනියි.
එවැනි, හැඩ රූ අඩංගු යුනිකේත අකුරු රූ පද්ධති කීපයක් මෙතනින් නොමිලේ බා ගන්න.

ඇ. යුනිකුර මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වන, "The Windows .Net Framework 4.0" මෘදුකාංග component මෙතනින් නොමිලේ බා ගන්න.

ඈ. මෘදුකාංග බාගත කිරීම පිළිබඳ සාමාන්‍ය තොරතුරු හා පොදුවේ බලපානා උපදෙස් මාලාවක් මෙතනින් බා ගන්න.